Toyota කම්පැනි

Toyota ලොකයේ තියෙන ලොකුම මොටර් රථ නිශ්පාදන සමාගමයි. 2012 වර්ෂයේදි වොක්සවැගන් හා ජෙනරල් මොටර්ස් පරදවමින් Toyota මෙතනට ආවේ. ලෝකය පුරා 338875 සේවක සංඛ්‍යාවක්Toyota වෙනුවෙන් සේවය කරනවා. ඒ වගේම වසරක් තුල මොටර් රථ මිලියන 10 කට වඩා නිපදවපු නිශ්පාදකයන් පලමුවැන්නා තමයි Toyota. ඒ ඉලක්කයට Toyota ආවේ 2012 දි. මේවෙනකොට වාහන මිලියන 200 ක් Toyota නිශ්පාදනය කරල තියෙනවා.
මේ Toyota සමාගම පටන් ගන්නෙ 1937 දි කිචිරෝ ටොයෝදා විසින්. නමුත් ඔවුන් වැඩ පටන් ගන්නෙ ඊට කලින් 1934 දි ඔවුන් Type A එන්ජිමක් හදනවා. 1936 ToyotaA A නමින් ඔවුන්ගේ පලමු මොටර් රථය නිශ්පාදනය කරනවා ඉන් පස්සෙ තමයි 1937 දි ටොයෝටා මොර් කොපරේෂන් පටන් ගන්නෙ.

1936 දි හදපු පලමු මොටර් රථය


First-generation Toyopet Crown 

Toyota සමාගම වෙළඳ නාම පහක් යටතේ මොටර් රථ වෙලඳ පලට නිකුත් කරනවා. Toyota, Hino, Ranz, Lexus, Scion කියන වෙළඳ නාම තමයි ඒවා. 
ඒ වගේම ඩයිහට්සු සමාගමේ කොටස් වලින් 51.2% අයිති වෙන්නෙත් 
Toyota සමාගමටයි. 
ෆූජි හෙවි ඉන්ඩස්ට්‍රීස් සමාගමේ කොටස් අයිතියෙන් 16.66% ක් ඉසුසු සමාගමේ කොටස් අයිතියෙන් 5.9% අයිතිත් මෙයාලටම තමයි.

Toyota ජපන් වෙළඳ පොලෙන් 25% ක්, උතුරු ඇමරිකා වෙළඳ පොලෙන් 32% ඕෂිනියා (ඕස්්‍රේලියා නවසීලන්ත)
 වෙළඳ පොලෙන් 3% ක්,ආසියා වෙළඳ පොලෙන් 11% ක් මැදපෙරදිග වෙළඳ පොලෙන් 7% ක් යුරෝපා වෙළඳ පොලෙන් 14% ක් ආදි ලෙස තම වෙළඳ ොල කොටස අත්පත් කරගෙන ඉන්නවා


2009 දි Toyota සමුහය ඩොලර් බිලියන 4.2 ක අලාභයක් ලබනවා.
එවකට පැවති ආර්ථික අවපාතය හමුවේ මෙතරම් අලාභයක් ලැබුවත් 
Toyota සමූහය හතරගාතෙන් වැටුනෙ නම් නෑ.
2013 දී යෙන් ට්‍රිලියන 22 ක ආරම්භක ආදායමක් 
Toyota ඉපැයූවා. 



Toyota තමයි ලොකුම හයිබ්‍රිඩ් වාහන නිශ්පාදකයා වෙන්නෙත්. Toyota Prius එක හදන්න Toyota මුල පුරන්නේ 1997 දි. 2013 වෙද්දි Toyota හා Lexus වෙළඳ නාම යටතේ මොඩල් 24 ක හයිබ්‍රිඩ් වාහන ලෝකයේ රටවල් 80 ක අලෙවි කරනු ලබනවා. මේ වෙනකොට තවත් මොඩල් 15ක් මේකට එකතු වෙලා තියෙනවා. Toyota හයිබ්‍රිඩ් වාහන "Hybrid Synergy Drive" ලෙසත් Lexus හයිබ්‍රිඩ් වාහන "Lexus Hybrid Drive." ලෙසත් නම් කරලා තියෙනවා.



Plug-in hybrids වාහන නිශ්පාදනය 2007 දි ආරම්භ කෙරෙනවා 

2012 වෙද්දි වාණිජමය වශයෙන් මෙම වාහන නිශ්පාදනය ආරම්භ කෙරෙන අතර 2014 අවසාන වන විට Prius හයිබ්‍රිඩ් රථ 65310 ලොව පුරා අලෙවි කරන්නට ඔවුන් සමත් වී තිබෙනවා.
සම්පූර්ණයෙන් විදුලියෙන් ධාවනය වන මොටර් රට නිශ්පාදනයත් ආරම්භ වන්නෙ 1997 දි. එය RAV 4 Ev රථයයි. තවමත් මෙය තවමත් වානිජමය වශයෙන් නිශ්පාදනය වෙන්නෙ නෑ. මේ වන විට Toyota i-Road ලෙස නාගරික භාවිතය සඳහා වන රථයක් වාණිජමය වශයෙන් නිශ්පාදනය කර ජපානයේ අලෙවි වෙනවා.
හයිඩ්‍රජන් වාහන නිශ්ලාදනයටත් Toyota අත ගසා තිබුණත් එය තාමත් පවතින්නෙ පර්යේෂනාත්මක අවධියේ.
මේ තියෙන්නෙ ඒ හයිඩ්‍රජන් රථය



Toyota විවිධ car model 70 ක් පමණ නිශ්පාදනය කරනවා.
SUVs and crossovers 
model 10 ක් පමන නිශ්පාදනය කරනවා. Luxury-type vehicles model 07ක් පමණ නිශ්පාදනය කරනවා.model 07ක Pickup Trucks නිශ්පාදනය කරනවා. 
model 
20 ක පමණ Vans නිශ්පාදනය කරනවා .
model 03 ක Commercial Trucks නිශ්පාදනය කරනවා.
ලොකයේ හොඳින්ම අලෙවි වන මොටර් රථය ලෙස හැදින්වෙන්නේ Toyota Corolla මොටර් රථයයි.
 
මේ තියෙන්නෙ 2015 එක







copied by
http://www.elakiri.com/forum/showthread.php?t=1679653

Comments

Popular posts from this blog

ශ්‍රි ලන්කාවේ භාවිතා වන කාර් වර්ග

ඊජිප්තු ශිෂ්ටාචාරය

සිදිගිය-එරල්-මුහුද