Posts

Showing posts with the label vehicle

වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න

Image
ඔයාලා දන්නවනේ කාර් එකක ආදායම් බලපත්‍රය ගන්න නම් වාහනේ පොත, ඉන්ෂුවරන්ස් එක වගේම අපි දුම් සහතිකය කියල හදුන්වන Vehicle Emission Test Certificate එක ගෙනියන්න ඕනේ කියලා.  ඉතිං අද උදේ මම ගියා ඔන්න ඔය කියන දුම් සහතිකය ගන්න. මම දුම් සහතික ගන්න යන තැන තමයි ඩ්‍රයිව් ග්‍රීන් එක. එයාලගේ රිපෝට් එකේ තියන විෂේශ දෙයක් තමයි ඉන්දන ලීටරයකට කොච්චර මුදලක් නාස්ති වෙනවද කියන එක පෙන්වන එක. ඒවගේ සුහදශීලී සේවාවක් තියනවා. මේ පහල තියන්නේ මගේ වාහනේ ගැන ගත්තු රිපෝට් එක තමයි. මේක පැට්‍රල් කාර් එකක් ඈ.  දැන් බලමු මොකවද මේකෙ මේ තියන ලට පට කියලා. ඔයාලට පේනවනේ මේකේ මම රතු පාටින් එංක දාලා තියනවා කියලා. දුම් සහතිකේ ජාතකේ දිග අරින්නේ මේ අංක වලින් තමයි. මෙන්න මෙහෙමයි කතන්දරේ දුම් පරීක්ෂාව වේග දෙකක් යටතේ කරනවා. එකක් තමයි IDLE ටෙස්ට් එක. එකෙන් කරන්නේ එන්ජිම IDLE තියද්දී මිනිත්තුවකට වට කීයක් කැරකෙනවද කියල බලන එක. අනිත් එක තමයි 2500 RMP ටෙස්ට් එක. ඒ කිව්වේ එංජිමේ වේගය මිනිත්තුවට වට 2500 දී ලැබෙන ක්‍රියා කාරීත්වය. මේවා බලන්නේ එන්ජිම වැඩ කරන සාමාන්‍ය උෂ්නත්වයේදී ඒ වගේම තත්පර 30 ක් විතර එන්ජිම ඒ වේගයේ තියාගෙන ඉදලා. ඔ...