Posts

Showing posts with the label LTTE

නොකිව්ව කතාව

Image
Friday 1:15am මගේ ජීවිතේ දන්නා කාලේ ඉදලම නිව්ස් වලට කිව්වෙම ආමි එකේ අයයි ත්‍රස්තවදියෝයි මරා ගත්ත එක ගැන විතරයි.. එයාල මරා ගන්නේ ඇයි කියල නම් කිව්වේ නෑ.. කොබ්බැකඩුව බෝම්බෙකට අහුවෙලා මැරිලාලු අම්ම කම්පා වෙනවා.. තව හමුදාවේ ලොක්කෝ ගොඩක් අහු වෙලා එකට කියලා ගෙදර අය කතා වෙනවා.. ආයේ යුද්දේ දිනන්න බැරි වෙයි කියලා එයාල ඔක්කොම කියනවා.. අලිමංකඩ කෑම්ප් එකට කොටි ගහන්න ඇවිත්.. බුල්ඩෝසර් එකක බෝම්බ හයි කරලා කෑම්ප් එක ඇතුලට ගෙනල්ල පුපුරවන්න ගිහින්.. හසලක ගාමිණි කියල කෙනෙක් ඒ අව බුල්ඩෝසර් එකට බෝම්බයක් එක්ක පැනලා ආමි එකේ කොල්ලන්ගේ ජීවිත බේරගෙනලු.. තමන්ගේ ජීවිතේ පූජා කරලා හරි රට රකින්න ඕනි කියන එක මගේ හිතට අවේ ඒකෙන් වෙන්න ඇති.. හසලක ගාමිණි කියලා උස මහත තේජවන්ත මනුස්සයෙක්ගේ පින්තුරයක් මගේ හිතේ අඳුනා... දවස් දෙකකට විතර පස්සේ tv එකේ හසලක ගාමිණි කියලා කෙනෙක්ගේ පින්තුරයක් පෙන්නනවා.. හීන්දෑරි ඇඟක් තියන උඩු රෑව්ලක් තියන කොල්ලෙක් ආන්බාන් කරන්න අමාරු වගේ පේන තුවක්කුවක් අල්ලගන ඉන්න පින්තුරයක් ඒක.. ඒ පුංචි මනුස්සයා එච්චර වීරකමක් කරා කියලා හිතෙනකොට මට හරි ආඩම්බරයක් දැනුනා.. මුලතිව් කෑම්ප් එකට කොටිගහලලු.. 1500 විතර කො...