Posts

Showing posts with the label World

ලෝකයේ අති සුන්දරම නිමවුම් කිහිපයක්

Image
Mount Roraima    මෙම සුවිශේෂී කදු පර්වතය බ්‍රසීලය , වෙනිසියුලාව හා ගයනා යන රටවල් වලට මායිම්ව පිටා ඇත. මේ දිස්වන්නේ බ්‍රසීලය හා ගයනා යන රටවල් වලට මායිම්ව පිහිටා ඇති කන්දේ කොටස්ය. පර්වතයේ පැති දෙකම 400 m උසක් දරන සිරස් හෙල් දෙකකි.වෙනිසියුලාවට මායිම් වන පැත්ත ප්‍රපාතාකර එහෙත් තරණය කර හැකි බෑවුමක් දරයි. මෙම පර්වතය එහි ඇති උසස් ජීව විවිධත්වය හා දර්ශනීය දිය ඇලි නිසා විශේෂ ප්‍රසිද්ධියක් උසුලයි.   Socotra    අරාබි මුහුදු කලාපයේ පිහිටි ඉහළම ජීව විවිධත්වයක් උසුලන කලාපය යේමනයේ පිහිටි මෙම ප්‍රදේශයයි. කාශ්ඨක පරිසයට අනුවර්තනය වූ මෙහි බොහෝ ශාක යේමනයේ මෙම ප්‍රදේශයටම ආවේණික ඒවා වේ. ශුෂ්ක කලාපයේ සත්ව විශේෂ ගණනාවකටම මෙය වාසභූමිය වේ.  Rotorua-New Zealand    Rotorua උතුරු නවසීලන්තයේ පිහිටි සුවිශේෂ භූ-උෂ්ණත්වමිතික ලක්ශණ වලින් යුත් නගරයකි. උණූ දිය උල්පත් හා නටන ජලය සහිත මඩ කඩිති මෙහි සුලබ දසුන් ය. මෙහි පොළවේ ඇති අධික සල්ෆර් ප්‍රමාණය නිසා මුළු නගරයම කුණු බිත්තර ගදෙන් යුත් හයිඩ්‍රජන් සල්ෆයිඩ් දුමාරයෙන් පිරී පවතී.  Guaira Falls    බ්‍රසීලය සහ පැරගුවේ අතර ම...