Posts

Showing posts with the label Animal

මේ වෙනකොට ලෝකයේ වාසය කරන ඇති දුර්ලභම සතුන්

Image
1. Pinta Island Tortoise -  Geochelone nigra abingdoni දැනට ලෝකයේ ජීවත්ව සිටින්නේ මෙම විශේෂයේ එකම එක් සත්වයෙකු පමණි. ඔහුගේ නම Lonesome George. දැනට වයස 90 - 100 වසරක් පමණ වෙනවා . මෙම ඉබ්බන් ගැලපගස් දූපත් වලට ආවේණික සත්ව විශෙෂයක්. 1971 දෙසැම්බර් 1 වෙනිදා George ව සොයා ගත්තේ  Joseph Vagvolgyi  විසින්  Pinta දූපතේ  සිටියදී. මෙම දූපතේ සිටි එළුවන් විශෙෂයක් , මෙම ඉබ්බන්ගේ ආහාර කෑම නිසා , මේ ඉබ්බන් විශේෂයේ සියලුම ජීවීන් වද වෙලා ගිහින්. මෙයින් බේරුනු එකම සතා George. පසු ගිය දශක 2 පුරාම , George ගේ විශෙෂයට ඉතා කිට්ටු සම්බන්දයක් ඇති විශේෂ වලට අයත් ගැහැණු සතුන් සමග අබිජනනය කරවීමට දැරූ උත්සහාය , තවමත් සාර්ථක වෙලා නෑ. Baiji (Yangtze River Dolphin)  -  Lipotes vexillifer චීනයේ යැන්ගට්ස් ගගේ පමණයි දකින්න පුලුවන්. දැනට සිටින්නේ මේ විශේෂයේ ජීවීන් කිහිප දෙනෙක් විතරයි. මොවුන් මෙතරම් වද වීමේ තර්ජනයට මුහුණ පා ඉන්නේ , චීනයේ ආර්ථික දියුනුවත් සමග වැඩිවුන ජනගහනයත් සමග, ආහාර සදහා තරග කරන්න සිද්ධ වුනු නිසා. The Vancouver Island Marmot -  Marmota vancouverensis   කැනඩා...