Posts

Showing posts with the label Car

ලුණු දමන සුපිරි රථය ජර්මනියෙන්

Image
ජර්මන් විද්‍යාඥයන් පිරිසක් විසින් නිපදවූ ලුනු වතුරෙන් ධාවනය වන කාරය ජර්මනිය ඇතුළු යුරෝපයේ මාර්ගවල ධාවනය සඳහා අවසර ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පැයට කිලෝ මීටර 350ක වේගයෙන් ධාවනය කළ හැකි මේ කාරය පණගන්වා තත්ත්පර 2.8 දී පැයට කිලෝ මීටර 100ක් වෙගයක් ලබාගත හැකිවීම විශේෂත්වයකි. ක්වොන්ට් ඊ ස්පෝට්ස් ලිමොසින් ලෙස නම්කැර ඇති මේ නව කාරයේ ඇති විදුලි මෝටර හතර ක්‍රියාත්මක වන්නේ විද්‍යුත් විච්ඡේදනයෙන් සැපයෙන බලයකිනි. ලවණ ජලය හෙවත් ලුණු වතුර ඉන්ධන ලෙස භාවිතාවන මෙහි ක්‍රියාකාරිත්වය හයිඩ්‍රජන් ඉන්ධන කෝෂවලට සමානය. මෙහි එක් ටැංකියක ලවණ ජලය පුරවා ඇත. ඒ ලවණ දියරය පෙරණ පටලයක් හරහා අනෙක් ටැංකියට මාරැ වෙයි. ඒ ක්‍රියාවලියේ දී විදුලි ආරෝපණයෙන් ඇතිව විදුලිය සුපිරි කැපෑසිටරයන් හෙවත් ධාරිතකයන් මගින් ගබඩාකර රථයේ රෝදවලට සවිකර ඇති මෝටර්වලට ඛෙදා හරියි. නිෂ්පාදකයන් පවසන්නේ කාරයේ ඇති ලීටර 200 ජල ටැංකියෙන් කිලෝ මීටර 600ක දුරක් ධාවනය කළ හැකි බවයි. 2014 වර්ෂයේ මහජනයා සඳහා මුල්වරට ප්‍රදර්ශනය කැරුණු මේ කාරයේ ඇති බැටරිවල බලශක්තිය එයට සමාන වූ ලිතියම් අයන් බැටරියක මෙන් පස්ගුණයක් වැඩි බව ද නිෂ්පාදකයෝ කියති. මේ මෝටර් ...

ශ්‍රි ලන්කාවේ භාවිතා වන කාර් වර්ග

Image
ටොයෝටා H113 නැත්තන් නිසාන් FB 13 කියල වාහනයක් ගැන කිව්වොත් වාහන ගැන පර තෙරෙටම දන්නා අයට අමුත්තක් නැති උනත් සාමාන්‍ය අයට ඔලුව කර්පට් වෙන්න පුළුවන්.මොකද කියනවා නම් ඔය කිව්වා මොඩල් දෙකම ලංකාවේ ව්‍යවහාරේ නැති නිසා. හැබැයි ඔය මොඩල් දෙකේම වාහන ලංකාවේ ඕනෑම තැනක දකින්න පුළුවන් සුලභ මොඩල් දෙකක්. වැඩි කතා ඕනා නෑ බලන්නකෝ මේ වාහන දැකල තියනවද කියලා කොහේදී හරි.  රුක්මනී මොඩල් එක  නිලි රැජින රුක්මනී දේවිය අනතුරට පත් වුයේ මෙම වර්ගයේ රථයක ගමන් ගන්න අතරතුරදීය.සුප්‍රසිද්ද හයියේස් වර්ගයේ පළමුවන මාදිලිය. ෂෙල් මොඩල් එක. මෙම මාදිලියේ ෂෙල් එකක් නැත්තන් ඉදිරිපස ප්ලාස්ටික් හැඩ ගැන්වීමකින් පැමිණි පළමු මාදිලිය 1982 දී ටොයෝටා සමාගම විසින් ඉදිරිපත් කරන ලදී. ඩොල්ෆින්  ලංකාවේ ප්‍රසිද්ධ මාදිලියකි.ඉදිරියට නෙරා පැමිණි ඉදිරිපස හැඩය නිසා මෙලෙස භාවිතා කරයි.මෙයත් සුප්‍රසිද්ද හයියේස් වර්ගයේ මාදිලියකි. ජේ ආර් මොඩල් එක (ඩෙලිකා) හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධනයන්ගේ මුහුණට සම්මාන හෙයින් මෙලෙස නම් කරනු ලැබී ඇත. බටු ඩෙලිකා (ඩෙලිකා) මෙම වර්ගයේ කුඩා හැඩය නිසා මෙම නම භාවිතාවේ. අත්ත...