රිවෝල්වර් සහ පිස්තෝල
අප සියලු දෙනාම රිවෝල්වර් සහ පිස්තෝල ගැන දන්නේ නැතත්, සෑහෙන පිරිසක් ඒවා දැක තිබෙනවා. (යටත්පිරිසෙයින් සිනමාවේදී හෝ රූපවාහිනියෙදිවත්) එමෙන්ම අප එදිනෙදා කියවන පුවත්පත්, සඟරා, සහ වෙනත් පොත්පත් වලත් පිස්තෝල හෝ රිවෝල්වර ගැන සඳහන් වන අවස්ථා තිබෙනවා. විශේෂයෙන් රහස් පරීක්ෂක කතා වලදී බොහෝවිට සඳහන් වෙනවා. තවත් සමහරු රිවෝල්වර් හෝ පිස්තෝල අතගාලා බලලාවත් ඇති ආසාවට. ඒ වගේම ඒ දෙක එකිනෙකට වෙනස්ද නැද්ද යන දැනුම ඇති සෑහෙන පිරිසකුත් මෙය කියවනවා ඇති. ඒ අයගෙන් කොටසක් මේ දෙකම පාවිච්චි කරලත් ඇති. එමෙන්ම ඒ දෙක එකිනෙකට වෙනස් වුවත්, ඒ වෙනස මොකක්ද කියලා කියන්න දන්නේ නැති අයත් ඇති. ඒ සියලුදෙනා වෙනුවෙනුයි මේ ලියන්නේ. මුලින්ම මම ඔබට පෙන්වන්නම් පිස්තෝලයක පින්තූරයක්. ඒ දිහා හොඳින් බලා, එහි හැඩරුව හොඳින් හිතේ තබාගන්න. ඒ වගේම මීළඟට මා ඔබට පෙන්වන්නේ රිවෝල්වරයක පින්තූරයක්. ඒ පින්තූරයත් හොඳට බලා හිතේ ධාරණය කරගන්න. ඒ සමගම පිස්තෝලය හා රිවෝල්වරය අතර ඔබ දකින වෙනස්කම්ද මතක තබාගන්න. මම විශ්වාස කරනවා ඔබ සෑහෙන වෙනස්කම් ප්‍රමාණයක් නිරීක්ෂණය කරන්නට ඇතැයි කියා. සමහරුන්ට හිතෙනවා ඇති පිස්තෝලයට වඩා රිවෝල්වරය බලගතුයි වගේ කියලා. ඒ වගේම තව...