කාල තරණය
බ්‍රිතාන්‍ය ජාතික ලේඛක H.G. Wells විසින් 1895දී රචනා කරන ලද කාල තරණය තේමා කොටගත් විද්‍යා ප්‍රබන්ධ නවකතාවක් වන "The Time Machine" ප්‍රකාශයට පත් වීමත් සමගම මිනිසාට කාලය හරහා අතීතයට හෝ අනාගතයට ගමන් කල හැකිදැයි යන්න ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වන්නට පටන් ගත්තා. මෙසේ ඇරඹුණු කාල තරණ සංකල්පය පසුගිය සියවසේදී වැඩි වශයෙන්ම කතාබහට ලක්වූ මාතෘකා වලින් එකක්. ඔබ වයස අවුරුදු 20දී ආලෝකයේ වේගය මෙන් 99.5% වේගයකින් ගමන් කරන අභ්‍යවකාශ යානයක ගමන් ආරම්භ කලේ යයි සිතන්න. අභ්‍යවකාශ යානයේ ඇති ඔරලෝසුවක් භාවිතයෙන් කාලය මනිනා ඔබ හරියටම වසර 5කට පසුව නැවතත් පෘථිවියට පැමිණේ. එවිට ඔබගේ වයස අවුරුදු 25ක් වන අතර ඔබ ගමන් ආරම්භ කරන විට ඔබගේ සම වයසේ සිටියෙකු ඔබ නැවත පැමිණෙන විට වයස්ගත පුද්ගලයෙකු බවට පත්ව ඇති ආකාරය ඔබට දැකගත හැකිවනු ඇත. (නැතහොත් ඔවුන් මියගොස් පරම්පරා ගණනක් ගතවී තිබෙන්නටද පුලුවන.) එනම් ඔබ අභ්‍යවකාශ යානය හරහා පෘථිවියේ අනාගතයට ගමන් කර ඇත. 1905 වර්ශයේදී ඇල්බට් අයින්ස්ටයින් ඔහුගේ සාපේක්ෂතාවාදය පිළිබඳ විශේෂිත මූලධර්මය ඉදිරිපත් කරමින් කාලය හා අවකාශය සෑමවිටම එකිනෙක බැඳී පවතින බවත් අවකාශයෙන් තොරව කාලයත්, කා...