Posts

Showing posts with the label tootankamen

ටූටන්කාමුන්ගේ ශාපය

Image
මරණයෙන් අවුරුදු 3500 කට පසු නැවතත් ඔහු ගැන කතා වෙති. ඔහුගේ ශාපය සත්‍යයක් ම වූයේය.ඔහුගේ සොහොනේ පුරාණ ඊජිප්තූ අක්ෂර වලින් මෙසේ කොටා තිබුනි. “ටූටන්කාමුන් ගේ දීර්ඝ නින්දට බධා කරන්නන්ට මරණය සොයා එනු ඇත.” ටූටන්කාමුන් ගේ මරණය පිලිබඳ විද්වතුන් අතර තවමත් ඇත්තේ මතභේදයකි.ඒ ඔහු මරණයට පත්වූ ආකාරය තවමත් අපැහැදිලිය.ඔහුගේ පියාවන අකෙහන්ටන් ගේ මරණය නිසා වයස අවුරුදු 9 දි රජකමට පත්වූ ඔහු ක්‍රි.පූ 1336 සිට ක්‍රී පූ 1327 දක්වා ඔහු ඊජිප්තුව පාලනය කළේය..ටූටන්කාමන් මරණයට පත්වන විට ඔහුගේ වයස 18ක් පමණ විය. දැනට බොහෝදෙනෙකු පිලිගත් මතයට අනුව ටුටන් කාමන් මරණයට පත්වී ඇත්තේ ඝාතන කුමන්ත්‍රණයකිනි. 1918-1923 වකවානුවේ හැරල්ඩ් කාටර් නම් පුරාවිද්‍යාඥයයා විසින් ඊජිප්තුවේ කැණිම් සඳහා ප්‍රධානත්වය ගෙන කටයුතුකලේය. ඒ කානවන් සාමිවරයාගේ ආරාධනාවෙන් සහ වියදමෙනි. අවුරුදු පහක පමණ අසාර්ථකත්වයෙන් පසු කානවන් සාමිවරයා නැවතත් ලන්ඩන් නුවරට පැමිණියේය. මේ අතරතුරේ කාටර් සහ ඔහුගේ කණ්ඩායමට කැණිම් තවදුරටත් කරගත නොහැකි වනසේ ශෛලමය තැටියක් පතුලේ හමුවිය. තවදුරටත් පරික්ශා කිරිමෙන් එය ටූටන්කාමුන් ගේ සොහොනට යන මාර්ගය වසා ඇති දොරටුවක් බව හඳුනාගැ...