Posts

Showing posts with the label scientist

ලෝක ඉතිහාසයේ හමුවන ප්‍රථම විද්‍යාඥයා

Image
ඉම්හොටෙප් මීට අවුරුදු 4950 කට කලින් මිසරයේ ජීවත් වූ අපූරු පුද්ගලයෙක් විය. මෙම්ෆිස් අසල උපන් ඔහු විස්මිත දේවල් රැසක් සිදු කළ අයෙකි. ඔහු වටා ගෙතුණු කතා ඉතා අපූරුය. ඒ කාලෙ මිනිසුන් ඔහුට සැලකුවේ දෙවියකු ලෙස ය. ඔහුට ලෙඩ රෝග සුව කිරීමේ පුදුම හැකියාවක් තිබුණි. ඒ නිසා ලෝකයේ වාර්තා ගත වී ඇති මුල් ම වෛද්‍යවරයා ඔහුය. එසේ ම මායාකාරී වැඩ කරන්නත් ඔහුට හැකියාව තිබුණේය. ඒ කාලයේ ජනතාව ඔහුට දැක්වූ ගෞරවසම්ප‍්‍රයුක්ත බියකි. ඔහුගේ මරණින් පසුවත් ඔහුගේ සොහොන ළඟට ගොස් ඔහුට යාච්ඤා කළ රෝගීහූ සුවපත් වූවා යැයි සදහන් වේ. ක‍්‍රි.පූ. 2980-2950 අතර කාලය තුළ මහා මෙහෙයක් කළ පුද්ගලයකු ලෙසට ඔහු අද ඉතිහාසයට එක් වී ඇත. අද අප විද්‍යාඥයෙක් හැටියට හඳුන්වන විධියට ගැළපෙන ලෝකයේ පළමු මිනිසා වන්නේ ද මේ ඉම්හොටෙප් ය. මොහුගේ මරණින් පසු තවත් මෙවැනි විද්‍යාඥයකු තවත් අවුරුදු දෙදහසක් යන තෙක් ම ලෝකයේ පහළ වූයේ නැත. ඉම්හොටෙප් නිර්මාණය කළ බවට සැලකෙන එක් අපූරු නිර්මාණයක් ලෙස ‘පඩි පිරමීඩය’ (Step Pyramid) දැක්විය හැකිය. මේ සඳහා නිශ්චිත සාක්ෂි දැන් සොයා ගෙන ඇත. ඊජිප්තුවේ සක්රාහි ඓතිහාසික නටඹුන් අතර දැකිය හැකි මෙම පඩි පිරමීඩය මිසර පිරමීඩ අතරින් ...