SL Police Bike – අලුත් පොලිස් බයික් එක
පොලිසියට අලුතෙන් හඳුන්වල දුන්නු බයික් එක ඔයාල දැකල ඇති. ගොඩක් අය ආසයි මොකද්ද මේ බයික් එක, මොනවද මේකෙ විස්තර කියල දැන ගන්න. ඉතින් අද විශේෂාංග අතිරේක ය වෙන් වෙන්නෙ මේ අලුත් බයික් එක ගැන හැඳින්වීමක් කරන්නයි. Sri Lanka Police මොටර් සයිකල් නිපදවීමේ ප්‍රමුඛතම ජපන් සමාගමක් වන යමහා – Yamaha නිපදවන Yamaha XJ6 Diversion F කියන මෝටර් බයිසිකලය තමයි මේ අලුත් පොලිස් බයික් එක ලෙස ලංකාවට හඳුන්වල දීල තියෙන්නේ. මෙය අයිති වන්නේ Naked Bike එහෙම නැතිනම් Standard Bike යන මොටර් බයික් වර්ගයටයි. Naked Bike වල විශේෂත්වය නම් ඒවා සුව පහසුවත් වේගය සහ හැසිරවීම (maintained comfort, speed & handling) කියන කාරණා සියල්ලම උපරිම ආකාරයෙන් රඳවාගෙන නිපදවා තිබීමයි. මෙම වර්ගයේ riding position එක අනුව අත් පිහිටීම ඉනට මදක් උඩින් සිටින සේත්, ධාවකයාගේ කොන්ද ඉදිරි පසට නැවුනු ඉතා කුඩා අනතියක් සිටින ලෙසත් පිහිටා තිබෙනවා. මෙය sports bike හා cruise bike අතර මැද පිහිටන riding position එකක්. Yamaha XJ6 Meter pannel මෙම මොටර් සයිකලය 600cc එන්ජි...