wifi in plane
ගෙදරදී හෝ ඔෆිස් එකේදී වගේ ප්ලේන් එකක යනකොටත් ඉන්ටර්නෙට් යන්න පුළුවන් නම් කොහොමද. කාලෙකට ඉස්සර මේක ගොඩක් දෙනෙක්ට තිබුන ප්‍රශ්නයක්. අද මම කියන්න යන්නේ ප්ලේන් එකක යනකොට කොහොමද ඉන්ටර්නෙට් යන්නේ කියලා. මේකටත් දැනට ලෝකේ පාවිච්චි කරන්නේ වයිෆයි තමා. ප්ලේන් එකක වයිෆයි වැඩ කරන්නේ කොහොමද? අපි අපේ මොබයිල් ෆෝන් එකෙන් ඩේටා මගින් ඉන්ටර්නෙට් යනවා වගේම තමා ප්ලේන් එකට ඉන්ටර්නෙට් යන්න පාවිච්චි කරන්නෙත්. සිංහලෙන් කියනවනම් පොලවේ තියන කුළුණු සහ අහසේ තියන සැටලයිට් යොදාගෙන තමා මේ වැඩේ කරන්නේ. ප්ලේන් එකක ගිය කට්ටිය දන්නවා ඇති ප්ලේන් එකේ යන ගමන් අපේ නෝමල් මොබයිල් එකෙන් කෝල්ස් ගන්න බෑ කියලා. එකට අපි පාවිච්චි කරන්නේ “එයාසෙල්” කියන ෆෝන් එක. ප්ලේන් එකේ සීට් එකේ හෙඩ්රෙස්ට් එකේ තමා මේක තියෙන්නේ බොහෝවිට. අන්න ඒ ගැජට් එක හදන ගෝගෝ කියන ආයතනයේන් තමා වයිෆයි වැඩේ කරන්නේ. (තවත් ඒවා තියනවා, මම හෙව්වෙ මේක ගැන විතරයි) Aircell මෙයාල මේකට පාවිච්චි කරන්නේ එයාර් ටු ග්‍රවුන්ඩ් (Air-to-Ground ) ATG සම්බන්ධතාවය. ඒ මොකද පොලවේ තියන කුළුණු අහසේ තියන සැටලයිට් එකට වඩා ගොඩක් ලගින් තියන නිසා වේගවත් සම්බන්ධතාවයක් ලබාගන්න පුළුවන් නිසා. (ප්ල...