ලෝකයේ අති සුන්දරම නිමවුම් කිහිපයක්
Mount Roraima
මෙම සුවිශේෂී කදු පර්වතය බ්‍රසීලය , වෙනිසියුලාව හා ගයනා යන රටවල් වලට මායිම්ව පිටා ඇත. මේ දිස්වන්නේ බ්‍රසීලය හා ගයනා යන රටවල් වලට මායිම්ව පිහිටා ඇති කන්දේ කොටස්ය. පර්වතයේ පැති දෙකම 400 m උසක් දරන සිරස් හෙල් දෙකකි.වෙනිසියුලාවට මායිම් වන පැත්ත ප්‍රපාතාකර එහෙත් තරණය කර හැකි බෑවුමක් දරයි. මෙම පර්වතය එහි ඇති උසස් ජීව විවිධත්වය හා දර්ශනීය දිය ඇලි නිසා විශේෂ ප්‍රසිද්ධියක් උසුලයි.
Socotra
අරාබි මුහුදු කලාපයේ පිහිටි ඉහළම ජීව විවිධත්වයක් උසුලන කලාපය යේමනයේ පිහිටි මෙම ප්‍රදේශයයි. කාශ්ඨක පරිසයට අනුවර්තනය වූ මෙහි බොහෝ ශාක යේමනයේ මෙම ප්‍රදේශයටම ආවේණික ඒවා වේ. ශුෂ්ක කලාපයේ සත්ව විශේෂ ගණනාවකටම මෙය වාසභූමිය වේ.
Rotorua-New Zealand
Rotorua උතුරු නවසීලන්තයේ පිහිටි සුවිශේෂ භූ-උෂ්ණත්වමිතික ලක්ශණ වලින් යුත් නගරයකි. උණූ දිය උල්පත් හා නටන ජලය සහිත මඩ කඩිති මෙහි සුලබ දසුන් ය. මෙහි පොළවේ ඇති අධික සල්ෆර් ප්‍රමාණය නිසා මුළු නගරයම කුණු බිත්තර ගදෙන් යුත් හයිඩ්‍රජන් සල්ෆයිඩ් දුමාරයෙන් පිරී පවතී.
Guaira Falls
බ්‍රසීලය සහ පැරගුවේ අතර මායිමෙහි පිහිටා ඇති මෙම විශ්මිත දිය ඇල්ල ලොව විශාලතම දිය ඇල්ල වශයෙන් පැවතිණ. විශාල වශයෙන් වැසි ඇදවැටීමෙන් හා නාය යාම් නිසා ක්‍රමයෙන් මෙහි උස අඩුවිය.මේ දැනට පවතින ආකාරයයි.
Meteor Crater-USA
මෙය ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු ඇරිසෝනා කාන්තාරයේ Flagstaff සිට 69 km නැගෙනහිරින් පිහිටා ඇත. අවුරුදු 50 000 කට පමණ කලින් 50 m උල්කාපාතයක් පෘථිවියේ ගැටීම නිසා මෙය ඇතිවූයේ යැයි සැලකේ. දැනට කාශ්ඨක කාන්තාරයක් ලෙස පැවතියත් ඒ වන විට මෙය Mammoth , sloths වැනි සතුන් ගෙන් ගහණව පැති බවට සාධක ඇත.
Don Juan Pond-Antartica
1961 වසරේ සොයාගන්නා ලද මෙය අන්ටාටිකාවේ පිහිටා ඇත. සිංක්ශිප්තව ගතහොත් මෙය මහා ලවණ ජලාශයකි.මෙහි ජලයේ ලවණ සාන්ද්‍රණය මුහුදු ජලයේ ලවණ සාන්ද්‍රණ මෙන් 18 ගුණයකි, නොගැඹුරු විශාල පෙදෙසක් පුරා පැතිර ඇති මෙහි ලවණ සාන්ද්‍රණය නිසා උශ්ණතව - 30 C පමණ පහතට වැටුණත් අයිස් නොවන බවට ගණන් බලා ඇත .
The Great Dune of Pyla-France
වැලි කදු යන නම ඇසූ පමණින් අපට සිහිවෙන්නේ වියලි මැද පෙරදිග කලාපයයි . නමුත් යුරෝපයේ පිහිටි විශාලතම 'වැලි මිටියාවත' පිහිටා ඇත්තේ ප්‍රංශයේය. මෙහි බෑවුම් සහිත ප්‍රදේශය විශාල වනයකට මායිම් වන අතර ප්‍රංශයේ වැඩිම සංචාරක ආකර්ශණයක් ඇති ප්‍රදේශයකි. 3 km ප්‍රදේශයක් පුරා විසිර ඇති මෙහි උසම ස්ථනය මුහුදු මට්ටමේ සිට මීටර් 100 කි.
83 – 42-Nothern Pole
උත්තර ධ්‍රැවයට 400 mil දුරින් පිහිටා ඇති මෙම අපූර්ව භූමිය විශේෂ වන්නේ අයිස් කදු යායක් අතර ඇති එකම 'පස් ගොඩ' වීම නිසාවෙනි 1998 මෙය මුලින්ම සොයාගන්න අවස්ථාවේ සිට මෙතෙක් එහි ගොස් ඇත්තේ පුද්ගලයන් 5 දෙනෙකු පමණී.
Iceberg B – 15
2000 දී Ross Ice Shelf නම් සුවිශාල ග්ලැසියරය දෙකඩ වීමෙන් නිර්මාණය වුනු මෙම විශාල අයිස් වැටිය අද වනවිට මිහිතලය උණුසුම් වීම හේතුවෙන් කැබලි කීපයකට බිදී ගොස් ඇත. මෙය මුලින් බිදී ආ Ross Ice Shelf 3100 km දිගකින් යුත් දැනට වාර්තා වී ඇති විශාලතම අයිස් වැටියයි. B-15 ග්ලැසියරය විශාලතවය අතින් ජැමෙයිකාවටත් වඩා විශාල බව සැලකේ.
The Door to Hell-Turkmenistan
තුර්කිමිනිස්ථානයේ Darvaza නගරය ආසන්නයේ පිහිටා ඇති මෙම "අපායේ දොරටුව" මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතිවූවකි. ස්වභාවික වායු සදහා සිදුකරන කැණීම් වලදී අහම්බෙන් සොයාගන්නා ලද මෙම විශාල කුහරය ගිනිගන්නා සුළු හයිඩ්‍රොකාබන වායු වලින් පිරී පැවතිණ. මේ සදහා වන කැණීම් මිල අධික වූ නිසා හා එහි විෂ සහිත බව නිසා මෙහි වායු ගිනි තබා අවසන් කිරීම හොදම විසදුම බව විද්‍යාඥයෝ සිතූහ. අවුරුදු 35 පුරාවට තවමත් ඒවා දැල්වෙමින් පවතී.
අන්තර්ජාලය ඇසුරිණි
copied from
http://www.elakiri.com/forum/showthread.php?t=1673872
Comments
Post a Comment