මේ වෙනකොට ලෝකයේ වාසය කරන ඇති දුර්ලභම සතුන්

1. Pinta Island Tortoise - Geochelone nigra abingdoni
දැනට ලෝකයේ ජීවත්ව සිටින්නේ මෙම විශේෂයේ එකම එක් සත්වයෙකු පමණි.
ඔහුගේ නම Lonesome George.
දැනට වයස 90 - 100 වසරක් පමණ වෙනවා .
මෙම ඉබ්බන් ගැලපගස් දූපත් වලට ආවේණික සත්ව විශෙෂයක්.
1971 දෙසැම්බර් 1 වෙනිදා George ව සොයා ගත්තේ 
Joseph Vagvolgyi විසින් Pinta දූපතේ සිටියදී.
මෙම දූපතේ සිටි එළුවන් විශෙෂයක් , මෙම ඉබ්බන්ගේ ආහාර කෑම නිසා , මේ ඉබ්බන් විශේෂයේ සියලුම ජීවීන් වද වෙලා ගිහින්.
මෙයින් බේරුනු එකම සතා George.
පසු ගිය දශක 2 පුරාම , George ගේ විශෙෂයට ඉතා කිට්ටු සම්බන්දයක් ඇති විශේෂ වලට අයත් ගැහැණු සතුන් සමග අබිජනනය කරවීමට දැරූ උත්සහාය , තවමත් සාර්ථක වෙලා නෑ.
Baiji (Yangtze River Dolphin) - Lipotes vexillifer
චීනයේ යැන්ගට්ස් ගගේ පමණයි දකින්න පුලුවන්.
දැනට සිටින්නේ මේ විශේෂයේ ජීවීන් කිහිප දෙනෙක් විතරයි.
මොවුන් මෙතරම් වද වීමේ තර්ජනයට මුහුණ පා ඉන්නේ , චීනයේ ආර්ථික දියුනුවත් සමග වැඩිවුන ජනගහනයත් සමග, ආහාර සදහා තරග කරන්න සිද්ධ වුනු නිසා.
The Vancouver Island Marmot - Marmota vancouverensis

 
කැනඩාවේ , British Colombia හී වැන්කුවර් දූපතේ , කදුකර ප්‍රදේශයේ , පමනක් හදුනා ගන්න පුලුවන්.
1998 දී 75 පමණ සිටි මෙම සතුන් , 2005 වන විට ( ස්ථාන 4 ක ) සරක්ෂණ්ය කිරීමෙන් 150 සහ පැටවු 44 දක්වා වැඩි කර ගෙන තිබුනා.

Seychelles Sheath-tailed Bat - Coleura seychellensis



මැඩගස්කරයේ උතුරින් ඇති, සී ශෙල්ස් දූපතේ ජීවත් වේ.
ලෝකයේ දැනට 100 කටත් අඩු ගනණක් තමයි ඉන්නෙ.

Javan Rhino - Rhinoceros sondaicus

 

දකුණු ආසියාතික රටවල් වල වාසය කලත් දැනට හමු වන්නේ ඉන්දුනිසියාව හා වියට්නාමයයන රටවල විතරයි.
මෙම සතුන්ගේ අග ලබා ගැනීමට දඩයම් කල නිසා මොවුන් වද වෙමින් පවතී.
Hispid Hare - Caprolagus hispidus

හිමාලයේ කදු පාමුල ජීවත් වෙයි.
1964 දී වද වී ඇතැයි කීවත්, 1996 
දී නැවත වාර්තා විය.
දැනට 110 පමණ ජීවත් වෙයි.


Northern Hairy-Nosed Wombat - Lasiorhinus krefftii


 
Australian, Queensland , Epping Forest National Park ,හී පමනක් දැනට සිටි.113 පමණ වෙසෙයි. 






අන්තර්ජාලය ඇසුරෙණි.

http://www.elakiri.com/forum/showthread.php?t=1673978

Comments

Popular posts from this blog

ශ්‍රි ලන්කාවේ භාවිතා වන කාර් වර්ග

සිදිගිය-එරල්-මුහුද

ඊජිප්තු ශිෂ්ටාචාරය