සිදිගිය-එරල්-මුහුද
ඔය ගොල්ලෝ දන්නවා ඇති මේ ලෝකේ තියෙන සාගර වල ජල මට්ටම ඉහල යන ඒක නිරන්තරයෙන් සිද්ධ වෙන දෙයක් කියලා. මේ වගේ සාගර වල ජලමට්ටම ඉහල යන්නේ පරිසරයේ උණුසුම වැඩිවීම යන කාරණය මත අයිස් කදු ආදිය දියවීම කියන එකයි මේකට දෙන්න පුළුවන් හොදම පැහැදිලි කිරීම. හැබැයි මේ වගේ සාගර වල ජල මට්ටම ඉහල යන මේ කාලේ,ඒ දේ සම්පුර්ණයෙන්ම අනික් පැත්තට වෙන මුහුදක් ගැනත් අසන්නට ලැබෙනවා. ඒ තමයි කාලය සමග ජලය හිදී යන මුහුදක් ගැන. මේ මුහුද හදුන්වන්නේ ඇරල් මුහුද කියලා. සමහරු අරල් මුහුද/එරල් මුහුද කියලත් මේකට කියනවා. ඉතිං ඔය කියන ඇරල් මුහුද ගැන කෙටි විස්තරයක් තමයි පහල සරල සිංහලෙන් තියෙන්නේ. මේ කියන ඇරල් මුහුද පිහිටලා තියෙන්නේ මධ්‍යම ආසියාවේ කසකස්තානය සහ උස්බෙකිස්ථානය කියන රටවල් වලින් වටවෙලයි. ඇත්තටම කිව්වොත් මේක ගොඩබිමෙන් වටවෙලා තියෙන මුහුදක් කියන එක තමයි වඩා නිවැරදි වන්නේ. මොකද මේක වෙනත් සාගර සමග සම්බන්ධයක් නැති නිසා. ඉතිං මේ කියන ඇරල් මුහුද ඇති උනේ මේ ප්‍රද්ශයේ භුමිය මිට අවුරුදු ලක්ෂ 50 කටත් වඩා ඉස්සර කලෙක මුහුද මට්ටම වඩා පහතට ගිලා යාම බවයි දැනගන්නට තියෙන්නේ. මේ වගේ දේවල් වෙන්නේ මහා විශාල කදු පන්ති බිහිවීමේදී බවයි විද්‍යාඤයන් කි...