Titanic
ටයිටැනික් කියල කියපුවහම ලොකු පොඩි භේදයකින් තොරව අපි හැම දෙනාම දන්නවනෙ. මමත් ටිකක් පොඩි කාලෙ මට මතකයි ටයිටැනික් ෆිල්ම් එක බලන්නම ගොඩක් ගෙවල්වලට VRC player සල්ලිවලට ගෙනාව නැත්තම් කාගෙන්හරි ඉල්ලගෙන ආව. ඒ කාලෙ ලංකාවෙත් ටයිටැනික් රැල්ලක් ගියා ගොඩක් අයට මතක ඇති .ඒ කාලෙ ඇදුම්, කොන්ඩ විලාසිතා, සුවද විලවුන් වර්ග තව ගොඩක් දේවල් ටයිටැනික් ෆිල්ම් එක නිසා වෙනස් වුනා. කොහොමහරි ටයිටැනික් ප්‍රේම වෘතාන්තය James cameron ලොක්ක තමන්ගෙ චිත්‍රපටිය ජනප්රිය කරවීම සදහා යොදාගත්තු කතාවක් වුනාට ටයිටැනික් සම්බන්ද අනෙකුත් කරුණු බොහොමයක් ඇත්තම කරුණු. මේ ත්රෙඩ් එකෙන් මම කියන්න හදන්නෙ අපි ගොඩක් අය සමහරවිට අහල නැති කරුණු කිහිපයක් ගැන. මේ ඔක්කොම අංතර්ජාලය ඇසුරෙන් මම හොයාගත්තු දේවල්. repostනම් සමාවෙන්න * * ටයිටැනික් නැව මුහුදුබත්වුනු අවස්ථාවෙ දිවි බේරාගත් එකම ජපන් ජාතිකයට ඔහුගෙ රැකියාව අහිමි වුනා. හේතුව තමයි ඔහුව තමන්ගෙ රටේ අය බයගුල්ලෙකු ලෙස හැදින්වීම. ඒ මොකද කියනවනම් ඔහු අනිත් මගීන් සමග මිය නොයාම. ටයිටැනික් සිද්ධියට පෙර ඔහුට ලොකු ගෞරවයක් තිබුනු නමුත් ඒ සියල්ල මෙයත් සමග නැතිවී ගියා. ඔහු මියගිය පසුවත් ඔහුගේ පව්ලේ අයට මේ