සෙනසුරු ග්‍රහයාගේ වළලු
සෙනසුරු වළලු යනු සෙනසුරු ග්‍රහයා වටා පිහිටා ඇති ග්‍රහලෝකමය වළලු වේ. එය සමන්විත වී ඇත්තේ විශාලත්වයෙන් මයික්‍රෝ මීටර් සිට මීටර් දක්වා පරාසයක විශාලත්වයෙන් යුතු නොගිනිය හැකි තරම් විශාල සංඛ්‍යාවක් වූ අංශුවලිනි. ඒවා සෙනසුරු ග්‍රහයා වටා සමූහයක් ලෙස කක්ෂගත වී ඇත. වළලු සෑදී ඇති මෙම අංශු සම්පූර්ණයෙන්ම සෑදී ඇත්තේ ජල හිම කැට (water ice) වලින් වන අතර සමහර ඒවා දූවිලි සහ වෙනත් රසායනික ද්‍රව්‍යවලින් දූෂිත වී ඇත. සෙනසුරුගේ වළලුවලින් සිදුවන සූර්යාලෝක පරාවර්තනය සෙනසුරු ග්‍රහයාගේ දීප්තිය වැඩි කිරීමට හේතුවන නමුත් එය පෘථිවියේ සිට පියවි ඇසින් නිරීක්ෂණය කළ නොහැක. ගැලීලියෝ ගැලීලි ප්‍රථමවරට 1610 දී දුරේක්ෂයක් අහස වෙත යොමු කළ අතර සෙනසුරු වළලු නිරීක්ෂණය කිරීමේ පළමු පුද්ගලයා වීමේ භාග්‍යය හිමි කර ගත්තේය. එනමුදු එහිදී ඔහු සෙනසුරු වළලු ඉතා හොඳින් වටහා ගැනීමට තරම් ඒවා අධ්‍යයනය කිරීමට අපොහොසත් විය. 1655 දී “ක්‍රිස්ටියන් හයිජන්” විසින් ඒවා සෙනසුරු ග්‍රහයා වටා පිහිටි මණ්ඩල ලෙස විස්තර කළ ප්‍රථම පුද්ගලයා විය. සම්පූර්ණ වළලු පද්ධතිය 2006 සැප්තැම්බර් 15 දින කැසිනි අභ්‍යවකාශයානය සෙනසුරු ග්‍රහයා ඉහළින් ගමන් කිරීම නිසා ඇති වූ