Posts

Showing posts from April, 2018

පොදුරාජ්‍ය මණ්ඩලය ගැන ඔබ නොදැන සිටිය හැකි කරුණු හතක්

Image
පොදුරාජ්‍ය මණ්ඩලය ගැන ඔබ නොදැන සිටිය හැකි කරුණු හතක් බෙදාගන්න Facebook   මෙය බෙදාගන්න Twitter   මෙය බෙදාගන්න Messenger   මෙය බෙදාගන්න ඊමේල්   යවන්න Image copyright PA පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල රාජ්‍ය නායකයෝ මෙවර එක්සත් රාජධානියේ ලන්ඩන් නුවරදී රැස්වෙති. මේ, පොදු රාජ්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් ඇතැම් විට ඔබ නොදැන සිටි කරුණු හතකි. 1 . ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් ලෝකයේ බිලියන 7.4 ක ජනගහනයෙන් තුනෙන් එකක් පමණ එනම් බිලියන 2.4ක පමණ ජනතාවක් වෙසෙන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවලය. ඉන් වැඩි දෙනා අවුරුදු 30 ට අඩු වයසේ පසුවෙති. ජනගහනය වැඩිම රට ඉන්දියාවය. එහි ප්‍රමාණය පොදු රාජ්‍ය මණ්ඩලයේ සමස්ත ජනගහනයෙන් අඩකි. නමුත් සාමාජික රටවල් 31 තරම් ප්‍රමාණයක සිටින්නේ මිලියන 1.5ක හෝ ඊට අඩු ජනගහනයකි. 2 . කිසිදා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කොටසක් නොවුවෝ Image copyright REUTERS Image caption එක්සත් රාජධානියේ යටත් විජිතයක් නොවූ රුවන්ඩා, ජර්මනිය හා බෙල්ජියමේ පාලනය යටතේ පැවතිණි රුවන්ඩා සහ මොසැම්බික් යන රටවල් පිළිවෙලින් 2009 හා 1995 දී පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය ලබාගත්තද එම රටවල් කිසි දින